මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කෙරෝනා වැළදුනු ආසාදිතයින් 09 දෙනෙක් අද (14) උදෑසන 10.00 වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3005ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 3,234 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *