ශ්‍රී ෂාන්ත්ගේ වසර 07ක ක්‍රිකට් තහනම අවසන්

(කොළඹ, ලංකාපුවත්) – තරග පාවාදීමේ චෝදනාවට අදාලව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එස් ශ්‍රී ෂාන්ත්ට පැනවුනු වසර 07 ක තරග තහනම අදින් අවසන්වන බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

2013 වසරේ IPL තරගාවලිය අතරතුරදී තරගයක් පාවාදීමේ චෝදනාවක් සනාථ වීම හේතුවෙන් ඔහුට මෙම තහනම පැණවුණි. 2013 සැප්තැම්බර් 13වනදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පලමුවෙන් තීරණය කර තිබුනේ ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමටයි.

එහෙත් පසුව එය වසර 07 ක් දක්වා අවම කෙරුනේ අභියාචනයක ප්‍රතිඑළයක් මතයි.

එසේම එස්. ශ්‍රී ෂාන්ත් සිය ට්විටර් ගිණුම හරහා ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීම පිළිබඳව සිය බලාපොරොත්තු පළ කරමින් සටහනක් ද තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *