මව්වරුන් සමග සිරගතව සිටින දරුවන් සම්බන්ධ වාර්තාව අගමැතිට

(කොළඹ, ලංකාපුවත්) –මව්වරුන් සමග සිරගතව සිටින අවු. 05ට අඩු දරුවන් සම්බන්ධව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත සිදුකල දැනුම්දීම මත ඒ පිළිබදව සොයා බලා රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිය නිරීක්ෂණ ඇතුලත් වාර්තාව අද(15) අග්‍රාමාත්‍යවරයාට බාරදීමට නියමිතය.

විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින අවුරුදු 5ට අඩු දරුවන් සහිත කාන්තා රැදවියන් 47 දෙනෙකු සිටියි. ඉන් රැදවියන් 5 දෙනෙකු වැරදිකාරියන් ලෙස දඩුවම් විදින අයවලුන්වේ. දෙදෙනෙකු අභියාචනා මත හා 40 දෙනෙකු රිමාන්ඩි සිරකාරියන් ලෙස බන්ධනාගාරගතව සිටියි.

මොවුන් සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදවත් විශේෂයෙන් දරුවන් සම්බන්ධව ක්‍රියාකල යුතු ආකාරය පිළිබදවත් විවිධ ආයතන හා පුද්ගලයින් සමග සාකච්ඡා කල රාජ්‍ය අමාත්‍යවරිය සිය මූලික නිරීක්ෂණ ඇතුලත් වාර්තාව සකස්කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර රතුකුරුස සමාජය (ICRC), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEP), මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) ආදී ආයතන සමග රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =