රිෂාඩ් – ලක්ෂ්මන් කිරිඇල්ල පාස්කු ප්‍රහාර කොමිසමේ පොලිස් ඒකකයට

(කොළඹ, ලංකාපුවත්) – යහපාලන රජයේ හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ හිටපු සභානායක සහ හිටපු මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද(15) පැමිණියේය.

කොමිසමේ පොලිස් ඒකකයෙන් සිදු කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබා දීමට ඔවුන් දෙදෙනා පෙරවරු 9.30ට පොලිස් ඒකකය වෙත පැමිණ තිබුණි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙරේදා 14 පැය හයක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඊයේද 15 කැදවා තිබුණි.

මේ අතර ඊයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු රාජ්ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා 23වන දිනයටත් සාක්ෂි විමසීම සදහා කැදවා තිබුණි.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අතර දිවා විවේකයෙන් පසුව නිලන්ත ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී එම සාක්ෂි වලට සවන්දීමට මාධ්‍යයට අවසර ලබා දුන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *