මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු අද(15) ආරම්භ කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටස ඉදිකිරීම එලෙස ආරම්භ කළ බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩාවත සිට මීරිගම කොටස කි.මී. 37.1 ක දුරක් වන අතර වසර තුනකින් ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජු හා වක්‍ර රැකියා 1500 ක් ඇති කරන බව තානාපති කාර්යාලය පෙන්වා දී ඇත.

චීනයේ මෙටලර්ජිකල් කෝපරේෂන් ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන අතර ව්‍යාපෘතිය (පළමු අදියර) ඇමරිකානු ඩොලර් මිලියන 989 ක සහන ණයක් සමඟ චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා ගනී.

සමස්ථ අධිවේගී මාර්ගය අදියර හතරකට බෙදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *