මෙරට 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට 13 වන කොවිඩ් 19 මරණය ඊයේ(14) පස්වරුවේ වාර්තා විය.

වයස අවුරුදු 60 ක නැවියෙකු කොරෝනා ආසාදනය වීමෙන් මෙලෙස මරණයට පත්විය. බහරේන් හි සිට පැමිණි ඔහු නිරෝධායනයට ලක් වෙමින් සිටියදී කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

ඒ අනුව ඔහු හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇත්තේ පසුගිය 09 වනදාය.

කොරෝනා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා මරණයට ආසන්නතම හේතුව වශයෙන් සඳහන්ව ඇත්තේ හෘදයාබාදයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *