(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
ඔහු පවසන්නේ මේ වන විටත් කොවිඩ් මර්දනය කිරීම සඳහා රට තුළ මනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවය.
ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
නාවික ඉන්දියාව විසින් ඉන්දියාවෙන් හොර රහසේ මෙරටට ඇතුළු වීමට උත්සහ දරන පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ලංකාව තුළ කොවිඩ් වසංගතය මේ වන විට යහපත් මට්ටමකින් පාලනය කර ඇතැයි ද පැවසීය.