“අලුත් රටට – අලුත් බෙහෙත්” – රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් අලුත් වැඩක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරටට ආනයනය කරන ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම මසකම එක් ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන තිබේ.

ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි සභාපති උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ, ගෙවුනු මාස 08 තුළ ආනයනය කරන ඖෂධ 15 කට අධික සංඛ්‍යාවක් දේශීයව නිෂ්පාදනය කර ඇති බවයි.

“අලුත් රටට – අලුත් බෙහෙත්” යන වැඩසටහන යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය සිදු කෙරේ.

වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිලිවෙල යටතේ ඖෂධ අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *