ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 05 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ (16) මිලියන 5 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ, අනුව බදාදා දහවලින් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා ආසාදිතයන් 90,123 දෙනකු හඳුනා ගෙන ඇත.

එමෙන්ම අසාධ්‍ය රෝගීන් දස දහස් ගණනකට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට ද ඉන්දියාවේ රෝහල්වලට නොහැකි වී ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ උත්තර ප්‍රදේශ් යන් ප්‍රාන්තවලටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *