දශක හතරකට පසු උතුරට ගිය කෘෂිකර්ම ඇමතිවරයා

(කොළඹ, ලංකාපුවත්) – දශක හතරකට පසු උතුරුකරයේ ගොවියාගේ ප්‍රශ්න ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයෙකු සංචාරය කළ ප්‍රථම අවස්ථාව සනිටුවන් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා යාපනයේ සංචාරයක නිරත විය.

දමිළ භාෂාවෙන් කථා කළ හැකි ගොවියාගේ දුක හඳුනාගත් අමාත්‍යවරයෙකු දුක සැප සොයාබැලීමට පැමිණීම පිළිබඳව උතුරේ ජනතාවගේ මහත් උද්දාමයට පත් විය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් ගොවි සමිති හමු වූ අමාත්‍යවරයා ඔවුන් මුහුණ දෙන ගැටළු සහ අවශ්‍යතා විමසු අතරල ඒ සඳහා එම මොහොතේදීම විසඳුම් ලබාදෙන්නට ක්‍රියා කළේයග කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම අයතනවල ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී කරවාගත් අමාත්‍යවරයා ගොවි ප්‍රශ්න සෘජුවට ඔවුන්ට යොමුකිරීමට ද අවස්ථාව ලබාදුණි.

තිස් වසරක යුද්ධය නිසා වැන්දඹු වූ කාන්තාවන්ට සහ ආබාධිත තත්ත්වයට පත් වූ අයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහන රැසක් ලබාදෙමින් ණසිතමු ” ගොවි සමිති හරහා ඔවුන්ගේ ආර්ථිකය නැංවීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශකරන ලදී.

උතුරත් දකුණත් යා කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් සිදු කළ මෙම වැඩසටහන පිළිබඳව උතුරේ ජනතාව ඉමහත් ප්‍රශංසාත්මකව කථා කළේය.

මෙම අවස්ථාව සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා මහතාල රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී බී හේරත්, මොහන් ද සිල්වා, ශෂින්ද්‍ර රාජපක්ෂ සහ සුරේෂ් රාඝවම් මහත්වරුන් ද උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල සියලුම ඉහළ නිලධාරීන් ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *