කැනඩාවට නීති විරෝධීව යෑමට තැත් කළ ලාංකිකයින් 12ක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් කැනඩාව බලා යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාව ට යාමට උත්සහ දරා ඇති බව වාර්තාවේ.

මෙම සැකකරුවන් අතර පුද්ගලයින් 07දෙනෙකු සහ කාන්තාවන් 05දෙනෙකු සිටියි.

මොවුන් කිරිබත්ගොඩ, පමුණුගම, කෑගල්ල, මාවනැල්ල, පොල්ගහවෙල, අලවතුගොඩ, නුගේගොඩ හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන් ඊයේ(16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙය සැලසුම් කළ සැකකරිය ලබන 29වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත නර තිබේ. අනෙක් සැකකරුවන් හා සැකකාරියන් රුපයිල් ලක්‍ෂ 06බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *