දකුණු ආසියාවේ වේගවත් ධාවකයාගෙන් තවත් ජයග්‍රහණයක්

(කොළඹ, ලංකාපුවත්) – ස්විට්සර්ලන්තයේ පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට වත්මන් දකුණු ආසියානු හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාලාභියා වන යුපුන් අබේකෝන්ට නැවතත් සමත් වී තිබේ.

ඔහු ඒ සඳහා තත්පර 10.24 කාලයක් වාර්තා කර ඇත.

2018 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩක අකානි සිම්බානි තත්. 10.02ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර, ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කමට හිමිකම් කියූ ඉතාලියේ ෆිල්ප්පෝ ටෝටු තප්පර 10.07ක කාලයක් වාර්තා කරමින් රීදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ.

පසුගියදා ජර්මනියේ ඩෙසාවෝ හි පැවති තරඟාවලියකදී තත්. 10.16කදී නිම කරමින් මීටර් 100 ඉසව්වේ දකුණු අසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා වීමේ ගෞරවය හිමිකර ගැනීමට ද යුපුන් සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *