ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත.

අද අලුයම 03.40 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර , සුන්බුන් අතර සිරවී සිටි 11 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 26 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා පවසයි.

හදිසි ආපදා සේවකයින් 40 කට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ ඇති අතර, ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ ගලවා ගැනීමේ භටයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම් සදහා එක්ව ඇතැයි සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *