ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය පුළුල් කිරීමේ ක්‍රම සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – දෙරට අතර හවුල්කාරිත්වය පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳව ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අද(21) සාකච්ඡා පවත්වා තිබේ.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය, විදේශප අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දුරකථන ඇමතුමක් ලබා දී යළි එම අමාත්‍ය ධූරයට පත්වීම පිළිබඳව ඔහුට සුබ පැතුම් එක් කර ඇත.

බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම සඳහා වන ක්‍රම සහ විධි පිළිබඳව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *