ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය තාවකාලිකව වසා දමයි

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

එම කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ කාර්යාලයේ සියලු නිලධාරීන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර නිරෝධාන කටයුතුවලින් අනතුරුව යළි කොන්සියුලර් කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබේ.

එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ අනුව කොන්සල් කාර්යාලය ලබන 27 වනදා යළි විවෘත කිරීමට නියමිත බවයි.

මෙම කාලය තුළ හදිසි සේවා සඳහා ඊමේල් සහ දුරකථන අංක ඔස්සේ කොන්සන් ජනරාල් කාර්යාලය සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =