නීතිවිරෝධී කැසිනෝ නිවසක් වටලයි – චීන ජාතිකයින් 12 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී කැසිනෝ නිවසක් වටලා චීන ජාතිකයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා සුරාබදු නිලධාරීන් සමත්ව ඇත.

මෙම කැසිනෝ නිවස වැටලූ අවස්ථාවේ චීන ජාතිකයින් සමඟ රුපියල් මිලියන 6.5 ක මුදලක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

කොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ මෙම කැසිනෝ සූදුව පත්වාගෙන ගොස් ඇති බවත් විදේශිකයින් වැඩි වශයෙන් ඊට පැමිණ ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිව තිබේ.

මෙම ස්ථානයේ බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කිරීමද සිදුකර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින අතර , සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − six =