පූජිත් මොනවා කියයිද බලන්න මෛත්‍රී කොමිසමට එයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද (22) පෙරවරුවේ පැමිණ තිබුණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කොමිසම වෙත පැමිණි බව වාර්තා වේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදීම සදහා කොමිසම වෙත පැමිණ සිටින අතර එම සාක්ෂි ලබා දෙන අයුරු හිටපු ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා දහවල් 12.10ට පමණ එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + sixteen =