මාස 06කට පසු ටජ්මහල් සංචාරකයින්ට යළි විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මාස හයක කාලයකට පසු ඉන්දියාවේ ටජ්මහල් ප්‍රාසාදය සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට බලධාරීන් ඊයේ(21) පියවර ගෙන ඇත.

දීර්ඝතම කාලයක් ටජ් මහල් ප්‍රාසාදය වසා තැබුණු කාලය මෙය ලෙස සැලකේ.

සංචාරකයින් සඳහා ඊයේ උදෑසන එය විවෘත කිරීමට පෙර සම්පූර්ණ භූමියම විෂබීජහරණයට ලක්කරන අයුරු එරට මාධ්‍ය වාර්තා කරයි. එහි සියලු සේවකයින්ට මුහුණු ආවරණ හා අත්වැසුම් පැළදීම අනිවාර්ය කර ඇත.

පරිශ්‍රයට ඇතුල්වන සංචාරකයින්ගේ ද ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම අනිවාර්ය වන අතර ඇතුල්වීමේ අවසර පත් මිලදී ගැනීමට සිදුවන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහායි. වෛරස ව්‍යාප්තියට පෙර දිනකට සංචාරකයින් හැත්තෑ දහසක් පමණ ටජ්මහල වෙත පැමිණි අතර ඊයේ සිට එහි සංචාරය කිරීමට දිනකට අවසර හිමිවන්නේ පන්දහසකට පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 8 =