අගමැති මහින්ද – මෝදි ලබන සෙනසුරාදා ද්විපාර්ශ්වික සාකච්ඡාවක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහාත අතර සංකච්ඡාවක් ලබන සෙනසුරාදා(26) පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති විය හැකි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වෙනු ඇත.

මෙම සාකච්ඡා පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ නවදිල්ලි සංචාරයෙන් පසුව පවත්වන ලද සාකච්ඡාවල පසු විපරම් කොටසකි.

නායකයන් දෙදෙනාම අන්තර්ජාලය පෙරවරු 10.30 ට මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම මෙහිදී බොහෝ විට උතුරේ ඉන්දීය ධීවර ගැටළුව සාකච්ඡාවට ලක්වීමට ද නියමිතය. දෙරට අතර ධීවර ගැටළුව දිගු කලක් තිස්සේ පැවති ගැටළුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *