(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්රහාරය සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.
ඒ අද (22) උදෑසන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි දීමට සවන්දීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීය.
උදෑසන 10 ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනාධිපතිවරයා දහවල් 12.10 ට පමණ ඉන් පිටව ගොස් තිබුනි.
මේ අතර, ඔක්තෝම්බර් 06 වනදා රනිල් වික්රමසිංහ මහතාට ද කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.