රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ලෙස ඩිෂාන් ගුණසේකර පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස හිටපු දෙවිනුවර බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පත් වෙයි.

අද (22) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී ඔහු නිතරඟයෙන් නව බස්නායක නිළමේවරයා ලෙස තේරී පත්වූ බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලයේ 12 වන බස්නායක නිළමේවරයා වන්නේ ඩිෂාන් ගුණසේකර මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *