ආණ්ඩුවෙන් පාලන මිලක් – පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රු.70යි

(කොළඹ, ලංකාපුවත්) –පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70 වන පරිදි ඉදිරියේදී පොල් මිල පාලනයට ආණ්ඩුව තීරණය කැර ඇත.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (22) සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

ආණ්ඩුව නියම කරන මිල අනුව පොල් වෙළෙඳාම නොකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරිය හරහා ඉදිරියේ දී කටයුතු කරන බවත් පොල් වෙන්දේසි නතර කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කෙළේය.

දියර පොල් කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියේ දී පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති අතර පොල් කර්මාන්තකරුවන් සමඟ පෙරේදා දිනයේ දී කළ සාකච්ඡාවේදී ඔවුන් පොල් මිල පාලනයට එකඟත්වය පළ කළ බවත් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *