හේමසිරි සහ පූජිත්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන්

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) දැනුම් දෙන ලදි.

ඒ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම පිළිබදවයි.

පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර් යූ ජයසූරිය මහත්මිය ඉදිරියේ අද කැදවනු ලැබීය. එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන්කර ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.

පැමිණිල්ල නැවත මාර්තු මස 14 වනදා කැදවීමට නියම කළ අධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *