කෝපා සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණට

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හි සභාපති ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා පත්කර ඇත.

ලසන්ත අලගියවන්න මහතා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල මහතා විසින් ස්ථීර කර ඇත.

උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගිවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, ෆයිසාල් කාසිම්, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, කේ.කාදර් මස්තාන්, සිවඥනම් ශ්‍රීතරන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මොහාමඩ් මුස්ම්මිල්, ආචාර්ය හරිනි අමරසූරිය කෝපා සෙසු සාමාජිකයින් වේ.

මේ අතර, කෝපා කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට තීරණය කර ඇති අතර ප්‍රථම වරට කමිටුවේ කටයුතු සජීවී ව ලබාදීමට ද තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *