දිවයින පුරා සිටින සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව අනිවාර්ය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කෙරේ.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතියෙන් යුත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරක මාර්ගෝපදේශ රියදුරන් සූරාකෑම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවධානය යොමුව ඇතැයි පැවසූ ඇමතිවරයා ඒ හරහා සංචාරකයන්ට සිදුවන පීඩාවන් නැති කිරීමට කටයුතු කරන බවද කීවේය.

කටුනායක ගුවන්තොටුපල සංචාරක මාර්ගෝපදේශ රියදුරන්ගේ සංගමයේ රියදුරන් සඳහා නිල හැඳුනුම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය .

උත්සවය සංචාරක හෝටල් කලමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *