නවෝත්පාදනයෙන් ඉහළ රටක් බිහිකරනවා – ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බිහිකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දේශීය සහ ලෝක වෙළදපලේ ඉල්ලුමට අනුව සුහුරු තාක්ෂණවේදීන් නිර්මාණය කිරිම අරමුණවේ. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් අසමත් සියලු දෙනාට තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිලිවෙල කෙටිකාලයකදී ආරම්භ කිරිමයි අපේක්ෂාවවේ.

ආර්ථිකයට ගැලපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිිරිමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දෙන ලදි.

මේ බව සදහන් කරන ලද්දේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන , පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිලිබදව පැවති සාකච්ජාවේදී ය.

පර්යේෂණ දිරි ගැන්වීමට රජයක් ලෙස සෑම සහනයක්ම ලබාදෙන බවයි ජනාධිපතිතුමා සදහන් කළේය. උසස් අධ්‍යාපන පනත සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *