ශ්‍රී ලංකා – ඉන්දීය අගමැතිවරු පුළුල් පරාසයක ගැටළු සාකච්ඡා කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ලබන සෙනසුරාද(26) ද්විපාර්ශ්වික සමුළුවකදී පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ අමාත්‍යංශය පවසයි.

පසුගිය අගෝස්තු 06වනදා අලුතින් පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙරටේ බහුවිධ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සමාලෝචනය කිරීමට එකඟ වූහ.

දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය, ආරක්ෂක යන අංශ, අධ්‍යාපන, සංචාරක හා සංස්කෘතික මෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලු අතර ද්විපාර්ශවික මැදිහත්වීම පිළිබඳ පූර්ණ අවධානය යොමු කිරීමට මෙහිදී අපේක්‍ෂා කෙරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාසයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව විදේශීය නායකයෙකු සමඟ සිදු කරනු ලබන පළමු සමුළු මට්ටමේ අන්තර්ක්‍රියාව මෙයවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *