HNB හපුතලේ පාරිභෝගික මධ්‍යස්ථානය නව නිවහනකට පිවිසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉහළ යන පාරිභෝගික ඉල්ලූමට සරිලන සහ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය හපුතලේ පාරිභෝගික මධ්‍යස්ථානය අංක 14, බදුල්ල පාර, හපුතලේ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී.

හපුතලේ නගරය හා ඒ අවට සිටින ගනුදෙනුකාරභවතුන්ට බැංකු සේවාවන් පිළිබඳව නව පරිච්ෙඡ්දයක් සනිටුහන් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති මෙම නවීනතම පාරිභෝගික මධ්‍යස්ථානය සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ව්‍යාපාර සඳහා විවෘතව පවතී. ඉඩ පහසුකම් සපිරි නව පරිශ‍්‍රය සියලූම ආකාරයේ බැංකු පහසුකම්වලින් ද සමන්විත වෙයි.

නව පාරිභෝගික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට HNB සහකාර සාමාන්‍යාධිකාරී-ජාල කළමනාකරණය, විනෝද් ප‍්‍රනාන්දු, ආරාධිත අමුත්තා ලෙස සපැමිණි හපුතලේ නගරාධිපති, සම්පත් ලමාහේවා යන මහත්වරුන් ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

නව පාරිභෝගික මධ්‍යස්ථානය විවෘත කරමින්, HNB සහකාර සාමාන්‍යාධිකාරී-ජාල කළමනාකරණය, විනෝද් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රදේශයේ ව්‍යාපාරික හා ගනුදෙනුකාරභවතුන් සමඟ බැංකුව ගොඩනගා ගෙන ඇති විශේෂ සම්බන්ධතාවය පිළිබඳව විස්තර කළේය. ‘‘හපුතලේ නගරය හා ඒ අවට ඉහළ යමින් පවතින පාරිභෝගික, ක්ෂුද්‍ර මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට මෙම අතිනවීන පහසුකම වඩාත් සුදුසු වනු ඇත. මෙම පහසුකම මගින් බැංකු සහ මූල්‍ය සේවා සඳහා සරල, විශ්වාසදායී හා පහසු ප‍්‍රවේශයක් අපේක්ෂා කරන සියලූ දෙනාට උපරිම සේවාවක් ලබා දීමට අපට අවස්ථාව ලැබෙනවා. ව්‍යාපාර සමඟ ඇති අපේ සබඳතාවය ශක්තිමත් කරමින් ඒවා තව තවත් සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා.’’

පශ්චාත් කොවිඞ්-19 කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ HNB Payfast, HNB MOMO, HNB Solo, HNB AppiGo වැනි ඩිජිටල් වේදිකා සහ විවිධාකාර ඩිජිටල් පහසුකම් සහිත ගෙවීම් වේදිකා හරහා HNB ප‍්‍රදේශය තුළ සිය බැංකු සේවාවන් ශක්තිමත් කරමින් දියුණු වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට පහසු හා ඩිජිටල් ලෙස වැඩිදියුණු කළ බැංකු සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *