අපේ කර්මාන්ත ප්‍රවර්ධනයට වැඩි ඉඩක් – හෙට සූභාරතියෙන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කෙරෙන සුභාරති සජීව සංවාද මණ්ඩපයෙන් ‘අපේ කර්මාන්ත ප්‍රවර්ධනයට වැඩි ඉඩක්‘ යන තේමාව ඔස්සේ හෙට(25) සාකච්ඡාව සිදු කෙරේ.

මේ සදහා රජයේ කර්මාන්තශාලාවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් කේ. පී. වතුගේ, වැඩ අධ්‍යක්‍ෂ ආනන්ද විජේසිංහ සහ ඉංජිනේරු වසන්ත අබේසිංහ යන මහත්වරුන් සම්පත්දායකයින් ලෙස සාකච්ඡාවට එක්වේ.

හෙට පෙරවරු 07.00 සිට පෙරවරු 08.00 දක්වා පුරා පැයක් වැඩසටහන පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ තරංගමාලා එෆ්.එම් 91.7 ඔස්සේ වැඩසටහන සජීව ලෙස විකාශය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − 2 =