‘රත්මලානේ රොහා‘ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන දේවමුනි හැරල් රෝහණ ද සිල්වා හෙවත් රත්මලානේ රොහා පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

‘රත්මලානේ රොහා‘ නැමති මෙම අපරාධකල්ලි සාමාජිකයා ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාව බලා පළා යාමට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී උත්සාහ දරා ඇතැයි සදහන්වේ. එහිදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමකදීයි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය සිදුකළ වැටලීමේදී සැකකරු පොලිසිය වෙඩි තබා ඇති අතර පොලිසිය පෙරළා සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබේ.

සැකකරු සතුව තිබී ටී 56 හය ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ තුනක මුදලක් සොයාගෙන ඇති බව වාර්තාවේ.

මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට මෙම සැකකරු සම්බන්ධ බව පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *