විදේශයන්හි සිටි ලාංකිකයින් 356ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – විදෙස්ගතව රැදී සිටි ශ‍්‍රි ලාංකික ශ‍්‍රමිකයන් 356 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. ඒ අබුඩාබි, දෝහා සහ ඩුබායි සිට ය.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්තානය සදහන් කළේය.

මේ වන විට පුද්ගලයන් හතලිස් හතර දහස් එකසිය පහලොස් දෙනෙකුගේ නිරෝධායනය අවසන් වී තිබේ. ඊයේ (23) දිනය තුළ පමණක් සිදුකළ පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව 1600කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *