UNICEFසංවිධානයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – අවම ශ්‍රමික වයස ඉහළ නංවන, කිසිදු ළමයෙකු වැඩිහිටි බන්ධනාගාර පද්ධතියට නොපිවිසෙන බව සහතික කරන ඉතා වැදගත් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ දෙකක් සම්මත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පල කරයි.

අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අවුරුදු 16ක් වන අනිවාර්ය අධ්‍යාපන වයසට කම්කරු නීති අනුරූප කිරීමක් වනු ඇත. කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කරන ලද මෙම මුල පිරීම අනිවාර්ය අධ්‍යාපනය සඳහා ළමයින්ට ඇති අයිතිය අර්ථාන්විතව මුදුන් පමුණුවා ගැනීම සඳහා හැකියාව ලබා දෙයි.

ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පණත සහ තරුණ අපරාධකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පණත සංශෝධනය කිරීම සඳහා ද කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ ය. වැඩිහිටියන් සඳහා වන බන්ධනාගාර පද්ධතියකට යෞවන අපරාධකරුවන් නොපිවිසෙන බව සහ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව හරහා ඔවුන් පුනරුත්ථාපනය කෙරෙන බව මෙමගින් තීරණාත්මක ලෙස සහතික වනු ඇත.

—රජය විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැප වීම ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නක්,˜ යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සටන් පැවසුවේ ය. —ළමයින් නීතිය හමුවට පැමිණවුණු විට අන් සියල්ලට මත් වඩා වැදගත් වන්නේ ඔවුන් ළමයින් බව සිත තබා ගැනීම යි. සිරගත කර ඔවුන්ගේ නිදහස අහිමි කිරීමෙන් ඔවුන්ගේ සමස්ත සංවර්ධනයට හා අනාගත යහපැවැත්මට අතිශය ඍණාත්මක හා ඛෙහෙවින් අහිතකර බලපෑම් ඇති වෙනවා˜ ඔහු පැවසී ය.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ : 30 වෙනි සංවත්සරයේ කොටසක් ලෙස සිය දරුවන් වෙනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට කැප වන බව නැවතත් තහවුරු කළ ප්‍රථම දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පසු ගිය වසරේ පත් විය. ඉහත සඳහන් ප්‍රතිසංස්කරණ විශේෂයෙන් ම ළමයින් හා යෞවනයන්ට අධ්‍යාපනය සඳහා අයිතිය ඇති බව පිළිගන්නා 28 වෙනි වගන්තිය සහ අත් අඩංගුවට ගැනීම, රඳවා ගැනීම හා සිරගත කිරීම යොදා ගත යුත්තේ අවසන් විසඳුමක් ලෙස පමණක් බව ප්‍රකාශ කරන 37-:ඉ- වගන්තිය තහවුරු කරණ අතර ශ්‍රී ලංකාවේ කැප වීම තව දුරටත් පෙන්නුම් කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2019යේ සංඛ්‍යාලේඛනවලට අනුව, වයස අවුරුදු 16 ට අඩු ළමුන් 168 ක් සහ වයස අවුරුදු 16-22 අතර තරුණයන් 11,203 ක් රිමාන්ඩ් සිරකරුවන් ලෙස බන්ධනාගාරවලට ඍජුව ම ඇතුළත් කර තිබේ. තවද, වයස අවුරුදු 16 ත් 22 ත් අතර තරුණ තරුණියන් 1,933 ක් 2019 දී වැරදිකරුවන් වූ සිරකරුවන් ලෙස වැඩිහිටියන් සමග බන්ධනාගාර පද්ධතියට ඍජුව ම ඇතුළත් කර ගන්නා ලදී.

තවද 2016 දී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය විසින් ළමයින් 43,714ක් ළමා ශ්‍රමයෙහි නිරත වන බවටත් ඉන් 39,007 දෙනෙකු සේවය කරමින් සිටින්නේ පතල් කර්මාන්තය, ගල් කැඩීම, ඉදි කිරීම් අඩවි, ධීවර කර්මාන්තය සහ පුද්ගලයන්ට සහ/හෝ දේපළවලට ආරක්ෂාව සම්පාදනය කිරීම ඇතුළු අවදානම් ශ්‍රම ස්වරූපයන්හි බවටත් ගනනය කරනු ලැබිණ.

ළමයින් නොතකා හැරීමේ, ළමා ප්‍රචණ්ඩත්වයේ, ළමා අපයෝජනයේ, ළමා සූරා කෑමේ සහ හානිකර භාවිතයන්හි සියලූ ස්වරූපයන් වළක්වාලිය හැකි, ඒවාට ප්‍රතිචාර දැක්විය හැකි පුළුල් ජාතික ළමා ආරක්ෂණ පද්ධතියක් ගොඩ නැගීම ඇතුළුව ළමයින්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතාවන් සපුරාලීම පිණිස සිය අධිකරණ පද්ධති සන්නද්ධ කෙරෙන බව සහතික කිරීමට සහ සෑම ළමයෙකුට ම සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීමට යුනිසෙෆ් සංවිධානය ශ්‍රි ලංකා රජයට සහාය පල කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *