බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 1481ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළතේ ගත වු පැය 24 තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර, වීසා නොමැතිව මෙරට රැඳී සිටි විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 47ක් ද සිටියි.

විවිධ අපරාධ සිදුකර පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 70ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මෙතෙක් නොවිසඳුනු අපරාධ 80ක් විසඳා ඇති අතර, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 777 දෙනෙක් හා අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් 326ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *