තවත් ආසාදිතයින් 20ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ආසාදිතයින් 8 දෙනෙකු, හම්බන්තොට රොහලේ 6 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ සිව් දෙනෙකු සහ ඉරණවිල රෝහලේ දෙදෙනෙකු සුවය ලබා මෙලෙස පිටව ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3230ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3363ක් වන අතර තවත් රෝගීන් 120 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =