දිළිඳු රටවල ණය සහනවලට මාස 06ක දිගුවක්

(කොළඹ, ලංකාපුවත්) –දිළිඳු රටවලට ලබාදෙන ණය සහනය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජී-7 කණ්ඩායමේ රටවල් සලකා බලමින් සිටියි.

ඔවුන් ඒ පිළිබඳව ඉදිරියේ දී පැවැත්වෙන සමුළුවේ දී සාකච්ජා කිරීමට නියමිත බවයි,විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මීට පෙර ජී-20 රටවල් එක්ව ලොව දුප්පත්ම රටවල් 73ක් සඳහා මේ වසර අවසාන වන තෙක් ණය සහනයක් ලබා දුන්නේය.

මේ අනූව මේ සිකුරාදා රැස්වන ජී-7 කණ්ඩායමේ රටවල මුදල් අමාත්‍යවරු ද මේ පිළිබඳ සාකච්ජා කරනු ඇති. ඔවුන් වීඩියෝ සාකච්ජාවකින් හමුවීමට නියමිත අතර,එමගින් ලොව පුරා මිලියන 33ක පමණ පිරිසකට ආසාදනය වී ඇති කොරෝනා වෛරස තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *