විස්සට එරෙහි පෙත්සම් 39යේ විභාගය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීම අද(29) පෙරවරුවේ ආරම්භ විය.

විසිවන සංශෝධනයට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් හදුන්වා දීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලීම සිදුකෙරේ.

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව තිස් නවයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 12 =