හයිරූ සමාගමින් පළාතට ගෙනා ආයෝජන බලන්න නැගෙනහිර ආණ්ඩුකාරවරිය යයි

(කොළඹ, ලංකාපුවත්) –හයිරූ සමාගම විසින් නැගෙනහිර පළාත තුල ස්ථාපනය කර ඇති නව ආයෝජන අවස්ථා සහ ඉදිරියේදි ඇති කිරීමට බලාපොරොත්තු වුණ නව ආයෝජන ගැන සොයා බැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය දා එම කර්මාන්තශාලා වල විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.

ඒ එම සමුහ ව්‍යාපාරයේ පාලනාධිකාරිය විසින් ආණ්ඩුකාරවරියගෙන් සිදු කළ ඉල්ලිමකට අනුවයි. එහිදි ආණ්ඩුකාරවරිය ඔලුවිල්හි පිහිටි එම සමාගමට අයත් ජීවවායු නිෂ්පාදනාගාරය සහ බෝට්ටු නිෂ්පාදනාගාරය නිරික්ෂණය කළාය.

ඊට අමතරව මෙම සමාගම මගින් ප්‍රදේශයේ හෝටල්, ධීවර කර්මාන්තය, කාබනික ගොවිතැනට අදාළ ව්‍යාපෘති කිහිපයක් ද පළාත තුළ ක්‍රියාත්මක කෙරේ. ජීවවායු නිෂ්පාදනාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 2.5ක විදුලි ධාරිතාවක් එක් කිරීමද විශේෂත්වයකි.

මෙම කර්මාන්තශාලා මගින් එම ප්‍රදේශයේ තරුණ තරුණින්ට සෘජු හා වක්‍ර රැකියා දහසකට ආසන්න ප්‍රමාණයක් හිමි වි තිබේ.

නිරික්ෂණ චාරිකාවෙන් පසුව එම සමුහ ව්‍යාපාරයේ පාලනාධිකාරිය සමග ඉදිරියේදි නැගෙනහිර පළාතේ ඇති කිරීමට නියමිත නව ආයෝජන අවස්ථා ගැනද සාකච්ඡා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *