යුද හමුදාවේ ධජයන්ට සෙත් පැතීම ශ්‍රී දළදා මාලිගාවේ දී

(කොළඹ, ලංකාපුවත්) –71 වන යුද්ධ හමුදා දින සමරුවට සමගාමීව සමස්ත යුද්ධ හමුදාවට සහ ධජයන්ට සෙත් පතා සිදුකරනු ලබන ආගමික වතාවන් ඊයේ(28) ශ්‍රී දළදා සමිඳුන් අබියස දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

ශ්‍රී දළදා මාලිගාවේ පරිශ්‍රය වෙත උදෑසන පැමිණ යුද හමුදාපතිතුමා ශ්‍රී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව යුද්ධ හමූදා සාමාජිකයන් සමගින් මුරුතැන් හා ගිලන් පස පූජාවන් සඳහා සහභාගි විය.

එමෙන්ම එම ආගමික වතාවන් අවසානයේ වැඩම වන මහා සංඝරත්නය 71 එක් නමක් විශයෙහි දානමය පිංකමක් සිදු කරන ලදි.

එමෙන්ම එදින සන්ධ්‍යාභාගයේ පැවති ධජයන්ට ආශිර්වාද ලබාගැනීමේ ආගමික කටයුතු ඉතා වර්ණවත් අන්දමින් සිදු කෙරුණු අතර යුද්ධ හමුදා පතිතුමා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ සමගින් සුහද පිළිසඳරක නිරත මින් අනතුරුව දළදා මාළිගාව වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *