අධිකරණ ඇමති හා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් David McKinnon මහතා අතර හමුවක් අද (30) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා කැනඩා රජය ලබා දෙනු ලබන සහයෝගය අගය කරන බවත් ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

මෙරට අධිකරණ පද්ධතිය තුළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව අදහස් හුවමාරු වු අතර ඒ සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර මහ කොමසාරිස්වරයා අගය කළේය.

මෙම අවස්ථාවට මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද දෙවන ලේකම් Valerie Ouellette ද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *