(කොළඹ, ලංකාපුවත්) –විසි වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය අද(30) යළි ආරම්භ විය. ඒ අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දී ය. සංශෝධනයට එරෙහිව ගොණු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 39 ක්.
ඒ අනුව එය විභාග කිරිම ඊයේ (29) ආරම්භ විය. පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ විසිවන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් හදුන්වා දීමට රජය තීරණය කර ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි.