තැපෑලට ජාතික ආර්ථිකයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –තැපෑලට ජාතික ආර්ථිකයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු බවට පත්විය හැකි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඒ අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර ලබාදිය හැකි පුළුල් සේවා අවස්ථා හදුනාගැනීමෙනි. මෙරට තැපෑල සතු විශාල සම්පත් නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්ක වෙත පහසුවෙන් ලගාවිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිලිබදව පැවති සාකච්ජාවේදීය. තැපෑල ලාභ ලබන තත්වයට පත්කිරිමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජාවට ලක්විය.

දිවයිනේ දිස්ති‍්‍රක් රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන බවට පත්කිරිමේ හැකියාව පවති. කොළඹ පිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රැකගනිමින් නවීකරණයටද තීරණය විය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය සදහා අභ්‍යාස ආයතනයක් පිහිටුවීමටද සැලසුම් කර ඇත. විද්‍යුත් , මුද්‍රිත හා සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට එල්ල වන අනිසි බලපෑම් පිලිබදවද ලැබෙන පැමිණිලි පවතින්නේ ඉහළ මට්ටමකය.

එම කරුණු සැලකිල්ලට ගෙන පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කිරිමේ දැඩි අවශ්‍යතාවද සාකච්ජා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *