ඒ දඬු,වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ඒදඬු, වැල් පාලම්හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම්ඉදිකිරීමේපළමු අදියරේ සමාරම්භක උත්සවය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) දින රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුවරත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හපුගොඩපාලමේ ඉදිකිරීම් කටයුතුමාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ දායකත්වය ඇතිව ආරම්භ කරනු ලැබීය.

කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරමහතාගේ ඉල්ලීමකට අනුව හපුගොඩ පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරිණි.

මෙම ග්‍රාමීය පාලම්ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුර,බදුල්ල,කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම,සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීමේ අරමුණින්මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙම වැඩසටහන ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි.

මෙයට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල දෙහෙරගොඩ,කුරුවිට තලාවිටිය,ඇහැලියගොඩ ඉද්දමල්ගොඩ,බෝපත් ඇල්ල සහ එරත්නගොඩ පාලම් ඉදිකිරීමේකටයුතුද ආරම්භ කරනු ලැබීය.

මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා දිස්ත්‍රික්ක 25න්මයොජනා කැඳවූ අතර කුඩා පාලම්යෝජනා 5,000 කටඅධික ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

ලැබී ඇති යෝජනා ප්‍රමුඛතා ගත කොට ඉදිරි වසර හතරක කාල සීමාව තුළ මෙම පාලම් අවශ්‍යතා සපුරාලීම රජයේ අපේක්ෂාව බවරාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නියෝජිතයන්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේනියෝජිතයින්,මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ගම්වාසීන් සහභාගී වීසිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 6 =