‘ගෙවතු වගා දස ලක්‍ෂයේ සාඩම්බර සාමාජිකයකු වන්න‘ හෙට සූභාරති අහන්න

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කෙරෙන සුභාරතී සජීව සංවාද මණ්ඩපයෙන් ‘ඔබත් ගෙවතු වගා දස ලක්‍ෂයේ සාඩම්බර සාමාජිකයකු වන්න‘ යන තේමාව ඔස්සේ හෙට(03) සාකච්ඡාව සිදු කෙරේ.

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ක්‍රියාමාර්ග හා සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි සේවා අධ්‍යක්‍ෂ අජිත් පුෂ්පකුමාර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සංවර්ධන ඉංලගකෝන් මැණිකේ යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්වේ.

එසේම කෘෂිකර්මා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව වැඩසටහන අතරතුරදී දුරකථන මාර්ගයෙන් සජීව ලෙස සම්බන්ධ කර ගැනීමට නියමිතය.

හෙට පෙරවරු 07.00 සිට පෙරවරු 08.00 දක්වා පුරා පැයක් වැඩසටහන පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ තරංගමාලා එෆ්.එම් 91.7 ඔස්සේ වැඩසටහන සජීව ලෙස විකාශය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =