බස්රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 24 ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – හැටන් – ඩයගම පාරේ ෆෝඩිස් වතුයාය අසළ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පාසල් ළමුන් 24 දෙනෙකු ඇතුළු 49දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

අද (02) උදෑසන 06.30ට පමණ ෆෝඩයිස් එන්ස් ප්‍රදේශයේ දී මෙම බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුර සිදුව ඇත.

තුවාල ලැබූවන් හැටන් ග්ලැන්කන් රෝහලේ ප්‍රතිකාර ලබන බව හැටන් පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × one =