අමෙරිකා ජනපතිට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් ද සටහනක් තබමින් සදහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ උපදේශකවරියකට වයිරසය වැළදී ඇති බව ඊයේ (01) දිනයේ තහවුරු වූ අතර ඒ හේතුවෙන් ඔහු නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණි. කෙසේ වුවද පසුව සිදුකළ පීසීආර් පරික්ෂණවලදී ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිදට වයිරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.

පසුගිය අගහරුවාදා ජෝ බයිඩ්න් සමග පැවති විවාදය සදහා ජනාධිපතිවරයා සමග ඔහුගේ උපදේශකවරිය ද සහභාගී වී ඇති අතර ඇයගෙන් ජනාධිපතිවරයාට වයිරසය වැළදෙන්නට ඇති බවට සැක පළ කෙරේ.

මේ වන විට ජනාධිපතිවරයා සහ ආර්යාව ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර එළඹෙන 15වන දින පැවැත්වෙන දෙවන විවාදය සදහා ට්‍රම්ප්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ධවල මන්දියර නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *