“Crysbro Next Champ” ජාතික ඔලිම්පික් කමිටුව සමග එක් වෙමින් ශ‍්‍රී ලාංකීය අංකුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සවිබල ගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව සවිබල ගැන්වීමේ ක‍්‍රියාවලිය අඛණ්ඩව ගෙන යාමේ අරමුණ පෙරදැරිව මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන ක‍්‍රිස්බ්‍රෝ ජාතික ඔලිම්පික් කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදි.

ක‍්‍රීඩා කුසලතා සහිත ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම උදාර වැඩපිළිවෙළෙ හි මුලික අරමුණ වේ.

ක‍්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් එළැඹි මෙම ගිවිසුමට අනුව ජාත්‍යන්තර තලයට ළගා විය හැකි පරිසාධන මට්ටමක් සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකු 2022 දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය, ආසියානු තරගාවලිය, 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ දකුණු ආසියානු තරගාවලිය වැනි ක‍්‍රීඩා තරගාවලි ඉලක්ක කර ගනිමින් පුහුණු කෙරෙනු ඇත.

මීටර් 200 ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනු ආසියාවේ එකම ක‍්‍රීඩිකාව සහ මලල ක‍්‍රීඩා සඳහා මෙරට වැඩිම පදක්කම් සංඛ්‍යවක් හිමිකර ගත් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ග‍්‍රාමීය මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත රැගෙන යන ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව පැවසුවාය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන සුසන්තිකා ජයසිංහ ‘‘ජාත්‍යන්තර තරගාවලියකින් පදක්කමක් දිනා ගැනීම ඉතා දිගු ගමනක්. දශක දෙකක් තිස්සේ දකුණු ආසියානු මට්ටමෙන් ඔබ්බට යෑමට අපට නොහැකි වීම පිළිබඳව ගැඹුරෙන් සිතා බැලිිය යුතුයි. විශේෂයෙන් ආකල්පමය වෙනසක් සිදු විය යුතු බව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී අපට වැටහුනා. ඒ අභියෝග අපි ජය ගත යුතුයි’’ යනුවෙන් පැවසුවාය.

ක‍්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් එළැඹි මෙම එක`ගතාව ක‍්‍රිස්බ්‍රෝ හි 50 වන සංවත්සරයට සමගාමීව සිදු වීම විශේෂත්වයක් වන අතර ක‍්‍රිස්බ්‍රෝ කුකුළු මස් නිෂ්පාදනයේ සියලූ අංගයන් ඒකාබද්ධ වූ ශ‍්‍රී ලංකාවේ පළමු කුකුළු මස් නිෂ්පාදන සමාගම වේ. ග‍්‍රාමීය වශයෙන් ව්‍යාප්තව සිටින කෘෂි සහ කුකුළු නිෂ්පාද ආශ‍්‍රිත කුඩා කර්මාන්තකරුවන් සවිබල ගැන්වීම ක‍්‍රිස්බ්‍රෝ ආයතන සමාජ වගකීම් අතර ප‍්‍රමුඛ තැනක් ගන්නා අතර මේ සඳහා වැඩසටහන් රැසක් ක‍්‍රිස්බ්‍රෝ විසින් දියත් කර ඇත.

‘‘මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අනාගතය දල්වාලීමට ජාතික ඔලිම්පික් කමිටුව සමග එළෑඹි මෙම අවබෝධතා ගිවිසුම මගින් විශාල අනුබලයක් ලබා දෙනු අති බව මගේ විශ්වාසසයයි. මෙම අවබෝධතා ගිවිසුමට අනුව ශ‍්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක‍්‍රීඩාවන් ජාත්‍යන්තර මට්ටටම තෙක් ගෙන යෑම මෙමගින් සිදුවෙනවා. අපගේ මූලික අවධානය තෝරා ගනු ලැබූ මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මානසික හා ශාරීරික වශයෙන් සවිබල ගන්වා ඔවුන් ඉදිරි වසර කිහිපයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලීන්ට ඉදිරිපත් කිරීමයි. එමෙන්ම මුල්‍ය අපහසුකම් හේතුවෙන් අති දක්ෂ ග‍්‍රාමීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සිහින ජයගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙම වැඩපිළිවෙළ තුළින් අති දක්ෂ ග‍්‍රාමීය මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිය කුසලතාවන් තුළින් රටට කීර්තියක් ලබා දීමේ සිහිනය සැබෑ කරවීමට අපට හැකියාව ලැබී තිබෙනවා’’යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරෙස් සෙලර් මහතා පැවසීය.

මීට අමතරව, මෙම වැඩපිලිවෙළට සමගාමීව දියත් කෙරෙන අන්තර්ජාලය ඔස්සේ ඕනෑම අයකුට මෙම වැඩපිලිවෙළට, ග‍්‍රාමීය පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ පාසල් ක‍්‍රීඩා සංගම්වලට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමේ හැකියාව ලබා දී ඇත. මෙහිදී ලැබෙන ආධාර සියල්ලක්ම අදාල ක‍්‍රීඩකයාට හෝ ක‍්‍රීඩා සංගමයට බැර කෙරෙන අතර ජාතික ඔලිම්පික් කමිටුව විසින් එහි පසුවිපරම් කටයුතු සිදුකරයි.

‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් තෝරා ගනු ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණ, ගමන් වියදම්, පුහුණු කරුවන්ගේ ගාස්තු, නේවාසික ගාස්තු, ක‍්‍රීඩා ඇගළුම් සහ ක‍්‍රීඩා උපකරණ, පුහුණු වීම් කටයුතු වලදී අවශ්‍ය වන වියදම් ආවරණය කෙරේ. මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩා උපකරණ, සහ පුහුණු අවස්ථාව හිමිවනු ඇත.

‘’NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අමිල අවස්ථාවක් හිමිව තිබෙනවා. මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වන වසර දෙකක කාලය තුළ ඔවුන්ව මුළුමනින්ම ආවරණය කරන අතර ක‍්‍රීඩාව සඳහා පුර්ණ අවධානය යොමු කරමින් ශ‍්‍රී ලංකාවට කිර්තියක් අත්කර දීමට ඔවුන්ට මනරම් අවස්ථාවක් ලැබී තිබෙනවා. අනෙක් අතට මෙම සහයෝගීතාව මෙරට සමාගම් වලට විශාල ආදර්ශයක් සපයන අතර පුද්ගලික අංශයේ දායකත්වය මත මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ පෙර නොවූ විරූ ජයග‍්‍රහන රැුසක් අත්කර දීමට අවස්ථාව සලසනවා. ’’ යනුවෙන් ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

‘’NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන ක‍්‍රිස්බ්‍රෝ ‘Next Champ’ හි දෙවැනි අදියර ලෙස ක‍්‍රියාත්මක වේ. ‘Next Champ’ වැඩසටහන මගින් ග‍්‍රාමීය මට්ටමෙන් පැමිණ දේශීය හා ජාත්‍යන්තර ජයග‍්‍රහන හිමිකර ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 120ක් පමණ දැයට දායාද කිරීමට සමත් වී ඇත. පසුගිය වසරේ පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා තරග වලදී රන් සහ රිදි පදක්කම් දිනා ගැනීමට මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් විය.

‘Next Champ’ වැඩසටහන තුළින් දිවයින පුරා විසිර සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයිම සහ හඳුන්වාදීමට අමතරව ඔවුන් වෙත නව පුහුණු උපක‍්‍රම හා පෝෂණ උපදෙස් ලබා දීම ද සිදු කෙරිණ. ක‍්‍රිස්බ්‍රෝ සමාජ සත්කාර ව්‍යාපෘතින් සියල්ලම ග‍්‍රාමීය සමාජ ආර්ථික තත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් ක‍්‍රියාත්මක වන අතර ‘Next Champ’ වැඩසටහන මගින් ග‍්‍රාමීය දරුදැරියන්ගේ ක‍්‍රීඩා කුසලතා ඔප් නංවා ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර තලය වෙත ගෙන යෑමට කටයුතු කරමින් සිටී.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා කටයුතු පිළිබඳ ප‍්‍රමුඛතම සංගමය ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර තරග සම්බන්ධීකරණයේදී මෙරට බලයලත් නියාමන ආයතනය ලෙස කටයුතු කරයි. එමෙන්ම මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබීම සඳහා අවශ්‍ය කාර්යසාධන මට්ටම් වෙත ඔවුන් රැගෙන යෑම ද ශ‍්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *