දිවුලපිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) –දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන ඇත.

ඇය මේ වන විට IDH රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 40 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

තවදුරටත් ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින අතර එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =