කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මංතීරු හතරක් යටතේ සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –දේශීය හා විදේශීය ආයෝජකකර්මාන්ත රැසක් පිහිටා ඇතිඅධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක්වන කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර තීබේ.

“සෞභාග්‍යයේ දැක්ම”ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේඋපදෙස් පරිදි මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සොයා බැලීමට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ නිලධාරීන් සමග පසුගියදා (03) එම මාර්ගයේ නිරීක්ෂණයකට එක් විය.

දේශීය හා විදේශීය ආයෝජකයින්රට තුළ රඳවා ගැනීමටමාර්ග ඇතුළු යටිතල පහසුකම් සපුරා දීම ඉතා වැදගත් බවරාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මෙම ප්‍රදේශයේ නව ආයෝජකයින් සිය කර්මාන්ත ආරම්භ කිරීමට සූදානමින් සිටින බැවින් මාර්ගයවිධිමත් ලෙස සංවර්ධනය කිරීම පමණක් නොව මාර්ගය අවට සිත් ගන්නා සුළු ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කරන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

කිලෝ මීටර් 2ක පමණ දුරකින් යුත් මාර්ගය දෙපස කර්මාන්තශාලා පිහිටා තිබෙනඅතර, ඒ සදහා බර වාහන ඇතුළු වන බැවින් වඩාත් ශක්තිමත් ලෙස මෙම මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන ලෙස අදාළ අංශ වෙත මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි,ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක,මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේයන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =