ජනාධිපති ට්‍රම්ප් අද රෝහලෙන් පිටව යෑමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසය ආසාදනය වී සිටින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අද දිනය ඇතුළත රෝහලෙන් පිටව යා හැකි බව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන සෙන් කොන්ලි සඳහන් කර තිබේ.

මේ වන විට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව සදහන් කෙරේ.

ජනාධිපතිවරයාට ඔහුගේ සුපුරුදු රාජකාරී කටයුතු ඉතා ඉක්මනින් ධවල මන්දිරයේ සිට සිදු කිරීමට හැකි බව වෛද්‍ය සෙන් කොන්ලි මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කර ඇත.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් නිල රථයේ නැගී ආධාරකරුවන්ට ආචාර කරමින් ගමන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහුට ඉක්මන් සුවය පතා රෝහල අසලට රැස්ව සිටින ආධාරකරුවන්ට ස්තූතිය පළ කිරීම සඳහා ඔහු මෙලෙස රෝහලෙන් පිටතට පැමිණ ඇතැයි සදහන්වේ.

ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා, පසුගිය සිකුරාදා කොරෝනා වෛරස් පරීක්‍ෂණය ධනාත්මක වීම අනාවරණය කර තිබුනි. අනතුරුව ධවල මන්දිරය තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි ජනාධිපතිවරයා ඔහුගේ සිරුරේ ඔක්සිජන් මටට්ම පහළ යාම හේතුවෙන් පසුගිය සෙනසුරාදා, වොෂින්ටනයේ වෝල්ටර්රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුලත් කිරීමට පියවර ගැණුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *