දෙහිවල අපරාධ අංශයේ OIC අල්ලස් දීමට තැත්කළ පුද්ගලයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (04) අත්අඩංගුවට ගත් මොහු සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 88 ක් සහ ජාතික හැඳුනුම්පත් 26 ක්, බැංකු පොත් 06ක් සහ රියදුරු බලපත්‍ර තුනක්ද සෙයාගෙන ඇති බව සදහන්වේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයෙන් මිදියාම සඳහා සැකකරු විසින් දෙහිවල පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මෙලෙස අල්ලස ලබාදීමට උත්සහ කර තිබේ.

අදාළ සැකකරු අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =